පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා.
සර්ටාජ් සිං මහත්තයෝ…
ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා. හැමකෙනාම මැරේවි…
ත්රිවේදි ඇරෙන්න!
පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න බලනවා!
මෙහෙම කියපු වසර ගණනාවක් තිස්සේ ලෝකෙන් වහං වෙලා ඉඳපු, අතිශය දරුණු, සටකපට, සූක්ෂම, මිනීමැරුම් එකසිය පනහකට අධික සංඛ්‍යාවක් සඳහා චෝදනා ලැබ සිටින ගයිතොන්ඩේ නම් වූ අපරාධකරුවා, සර්ටාජ් සිංගේ දෑස් ඉදිරිපිටදීම හිසට වෙඩි තිබාගෙන සියදිවි නසාගන්නවා. කිසිඳු කොනක් පටක් සොයාගත නොහැකි ප්‍රහේලිකාවක් බඳු වූ අභිරහසක්… දවස් 25 කින් මුළු මුම්බායි නගරයම විනාශ වී යන බවට තර්ජනයක්… සිදුවන්නේ කුමක්ද, කවුද මේකට සම්බන්ධ කියලා හොයාගන්න පොලිස් නිලධාරී සර්ටාජ් සිං එක්ක රෝ නිලධාරී අංජලී මාතුර් අත්වැල් බැඳගන්නවා. හැබැයි, මේ වැඩේ කිසිසේත්ම ලේසි පහසු වැඩක් වෙන්නේ නම් නැහැ. පියවරෙන් පියවර, පැටලුමෙන් පැටලුම විසඳමින් ඉදිරියට ගමන් කිරීමේදී අදහාගත නොහැකි දේවල් සිද්ධවුණා. සිත් කළඹවන අහිමිවීම් සිද්ධවුණා. මේ අතරින් වඩාත්ම දරුණු, සිත් කළඹවන අහිමිවීම තමයි අවසාන භාගයේ සිද්ධවෙච්ච රෝ නිලධාරිණි අංජලී මාතුර්ගේ ඝාතනය. විශේෂත්වය තමයි, මේ පලවෙනි කතා මාලාව අවසාන වෙද්දි, ප්‍රධාන චරිත තුනෙන් පණපිටින් ඉන්නේ එකම එක ප්‍රධාන චරිතයක් විතරයි. එතකොට කවුද දුෂ්ටයා වෙන්නෙ?
මෙ සෙරටම උත්තර දැන ගන්ටනමි බලන්ටම වෙනවා ඉතින්...
HD 720p 400mb
HD 720p 500mb
සිංහල උපසිරැසි ලබා ගැනිමට පිවිසෙන්න
Comments
Post a Comment