Spider-Man Far From Home (2019)

කවුරුත් දන්න “ස්පයිඩර් මෑන්” නවතම කථාංගය “Spider-Man Far From Home (2019)”
ම්ක ප්‍රදර්ශනය ආරම්භ කරේ පසුගිය ජූනි මාසයේ 26 වෙනිදා.ඉතින් මේ “Spider-Man Far From Home” චිත්‍රපටය
මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1 පසු කර යෑමට සමත් වෙලා තියෙනවා
“Spider-Man” ච්ත්‍රපට මාලාවේ ඇමරිකානු ඩොලර් බිලියනය පසු කර ගිය පළමු චිත්‍රපටයද මෙයයි.

හරි කතාව පැත්තට හැරුනොත්,
කවුරුත් දන්න “පීටර් පාකර්”(ස්පයිඩර් මෑන්) එයාගෙ යාළුවොත් එක්ක තමන්ගේ පාසලෙන් සංවිධානය කරන
විද්‍යා චාරිකාව යනවා.චාරිකාව යද්දි නම් පීටර්ගෙ එකම සැලසුම වෙන්නේ එම්.ජේ කියන ගෑණු ළමයත්
එක්ක යාළු වෙන එක ඒත් චාරිකාව ගියාම තමයි ඒ සැලැසුම් සියල්ල වෙනස් වෙන්නේ.චාරිකාව යන්න කලින් “නික් ෆියුරි”
පොඩි වැඩකට කතා කලත් මෙයා ඒක ගනන් ගන්නේ නෑ චාරිකාව ගියාට පස්සේ අමුතු රාක්ෂයෙක් මොවුන්ට හමු වෙනවා
පීටර්ට ඒ වෙලාවෙ මොකුත් කරගන්න හම්බ වෙන්නේ නෑ මොකද එයා තමන්ගේ ඇදුම ගෙනියලා තිබ්බේ
නැති නිසා ඒ වෙලාවේ එතනට “මිස්ටීරියො”(බේක්) ඇවිල්ලා මේ ගොල්ලො ඔක්කොම බේර ගන්නවා..
එතනින් පස්සේ “ස්පයිඩර් මෑන්” හා “මිස්ටීරියෝ” “ෆියුරි” මාර්ගයෙන් යාළුවෝ වෙනවා.“ටෝනි”(අයන් මෑන්)
මැරුණහම “පීටර්ට” දෙන්න කියලා පුදුම ගැජට් එකකුත් දීලා තියෙනවා මේක මේ චිත්‍රපටයේ වැදගත්ම දෙයක්
ඊට පස්සේ වෙන දේ ඔයාලම බලන්න. තවත් උපසිරැසියකින් පයිරේට් සමගින් හමුවෙමු මම ශචින්ත.
තෙරුවණ් සරණයි.ජය වේවා!

Comments