Doctor Strange 2016


මේ තමයි ඩොක්ටර් ස්ටීවන් ස්ට්‍රෙන්ජ්. මාවල් විශ්වයේ කැපී පෙනෙන චරිතයක් ලෙස මෙම චරිතය දක්වන්න පුළුවන්. ඒකට හේතුව මේ කතාව විද්‍යාවෙන් ඔබ්බට හිතන්නට යමක් රසිකයාගේ හිතේ ඇති කල නිසාවෙන්. පුරාතන සෘශිවරුන්ගෙන් බ්‍රාහ්මනයින්ගේ පටන් පැවත එන ක්‍රමයක් තමා භාවනාව කියලා කියන්නේ. ඉතිං මේ භාවනා ක්‍රම වලින් දියුණු කරපු සිත් නිසාවෙන් දැනට නූතන විද්‍යාවෙන් පිලිගන්නවා පුද්ගලයෙක් කියන්නේ නිකංම ලේ මස් ඇට වලින් හැදුනු පුද්ගලයෙක් නොව, ඊටත් එහා ගිය සංකීර්ණ සංස්තිථියක් වග. ඊට හේතුව වෙන්නේ නූතන ලෝකයේ මේ කතාවේ දැක්වෙන ආකාරයේ Astral Body හෙවත් මනෝ කාය හරහා ශරීරයෙන් පිටතට ගමන් කරන්න පුළුවන් වග ඔප්පු කරලා පෙන්වන අවස්ථා තිබෙනවා. නමුත් යම් යම් මතවාද හේතුවෙන් මේ දේවල් ලෝකයට වැඩමනක් ප්‍රසිද්ධ කරන්නේ නෑ. ඒ වගේම විවිධ මානයන් පිලිබඳවත් මේ කතාවේ සඳහන් වෙනවා. එතැනදී මනෝ කායට පමණක් විසිය හැකි මානයකට ඩොක්ටර් ස්ටීවන් ස්ට්‍රෙන්ජ් ගමන් කරනවා. මානයන් පිලිබඳව මෙතෙක් ඇති නූතන සහ පුරාතන සංකල්පයන් කතා හරය පෝශණය කරන්න යොදාගෙන තිබෙන බවක් හොඳින්ම දකින්න ලැබෙනවා. එමෙන්ම ආධ්‍යාත්මයත් සමග කියැවෙන විශ්වීය බලයන්. අධ්‍යාත්මය සමග නැතත් මෙවැනි බලයන් විශ්වාස කරන, එමෙන්ම ඒවා සත්‍ය බවට ඔප්පු කරන්නට චිත්‍රපට පවා නිපදවා තිබෙනවා. The Secret (2006), What the BLEEP Do We Know (2004), The Spirit space (2008), The Quantum Activist, The Living Matrix (2009), The Moses Code (2008) කියන්නේ මේ වගේ වාර්ථාමය චිත්‍රපටයන් වලින් කිහිපයක්. මෙවැනි අදෘශ්‍යමාන නමුත් සංකීර්ණ යතාර්ථයත් ප්‍රබන්ධයක් එකට කැටි කරගත් කතාවක් විදියට තමයි Doctor Strange කතාව ගලාගෙන යන්නේ.

Comments