මේ පළවෙනිම දර්ශණය පටන් ගන්නේ චීන/ජපන් සම්භවයක් ඇති පිරිසක් යුරෝපා රටක සිටින අතර ඔවුන් වෙතර මුද්‍රා තබන ලද ලිපියක් ලැබෙනවා. එය විවෘත කළ විට එයින් බිමට වැටෙන්නේ කළු පැහැති කුඩු වර්ගයක්. එම කුඩු වර්ගයෙහි තේරුම නින්ජා වරුන්ගේ පළිගැනීමක් යැයි කියත්ම අනික් අය එයට සිනාසෙනවා. ඒ සමඟම ඉතා භයංකාර ලෙස හා ඇසි පිය හෙලන සැනින් ඔවුන් සියළු දෙනාව ඝාතනය කරනු ලබනවා.*
*මේ අතර යුරෝපයේ europol පොලිසියේ සේවය කරන මික් සොයා සැක කරනු ලබනවා ඔවුන් විභාග කරන ඝාතනයක් සිදුකර තිබෙන්නේ නින්ජා වරුන් බව. එහෙත් තම ප්‍රධානියා එය අවිශ්වාස කළත් එක්දහස් අටසිය ගණන් වල සිදුවූ ඝාතනයකට මුල්වූ එක් ගණුදෙනුවක් මෙම ඝාතනය කිරීමට දිනයකට පෙර බෙරා තිබීම ඇයගේ සැකය ඔප්පු කිරීමට ප්‍රමාණවත් වෙනවා*
*නමුත් ඇය දන්නේ නැහැ ඇය මේ වැටෙන්න යන්නේ මොන වගේ කරදරයකටද කියා. ඒ වගේම මේක බාගන්න නොහිතන ඔබ දන්නෙත් නෑ ඔබ අතහරින්න යන්නේ මොන වගේ චිත්රපටියක්ද කියලා*
*කොහොම වුනත් මගේ අවවාදය නම් ඔබට ලේ දැකීමට අපහසුනම් මෙය බාන්නේ නැතිව ඉන්න එක හොඳයි. මොකද මම පෞද්ගලිකව සිතනවා මෙහි එන ලේ පෙන්වන දර්ශන ඕනාවට වැඩියි කියලා. හැබැයි ලේ දැකීම ප්‍රශ්නයක් නොමැති සටන් බලන්න කැමති අයට මෙන්න එලම චිත්‍රපටියක්.*👈
720p
1080p
Comments
Post a Comment